නිවන් මග ධර්ම දේශනා මාලාව 101 සිට 200 තෙක්
බෞද්ධයා මාධ්‍ය ජාලය
තථාගතයන් වහන්සේ දේශනා කල ධර්මය අද නොයෙක් අයුරින් පරිහරණය කෙරේ. බොහෝ බෞද්ධයන් දැනුම වඩා ගැන්මට ධර්මය අධ්‍යයනය කරයි. බණ අසයි. ත්‍රිපිටකය කියවයි තමනුත් පොත් ලියයි. බණ දේශනා කරයි. මේ සියල්ල කරන්නේ "මම" පෝෂණය කරමින් තමා අන්‍යයන්ට වඩා ධර්ම ඥානයෙන් ඉහල බව පෙන්නීමට බව පෙනේ. මේ සම්බුද්ධ ධර්මය පාවිච්චියට ගන්නට වටින්නේ මේ බියකරු සසරෙන් මිදී සංසාරයෙන් විමුක්තිය ලබා ගන්නට විනා වෙන දෙයක් සඳහා නොවේ. පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ගේ මේ ධර්ම දේශනා මාලාව සකස් කොට ඇත්තේ සීලය වඩමින් කෙලෙස් දුරු කරමින් කුසල් වඩමින් ප්‍රඥාව දියුණු කරමින් විමුක්ති මාර්ගයට එලබීමට විනා ධර්මයේ සියුම් තැන් අල්ලාගෙන තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට නොවේ. හැකි තාක් දුරට ප්‍රායෝගික ජීවිත වෙනසක් කරගන්නටත් ඒ මගින් නිවන් මගට පිවිසීමටත් මේ දේශනා පෙළ ඔබට ආධාර වෙනු නියතය. දිනපතා උදෑසන අටට බෞද්ධයා රුපවාහිනි නාලිකාවෙන් ප්‍රචාරය වුනු මෙම ධර්ම දේශනා පෙළ මෙහි අඩංගු කරමු. මේ පිටුවේ දේශනා අංක 101 සිට 200 තෙක්ය අඩංගු වන අතර පහත යොමුවෙහි මුල් දේශනා 100 අඩංගු වේ. නිවන් මග පළමු දේශනා සියය සල්ලේඛ සුත්‍රාන්ත දේසනා පෙළ මහා පරිනිබ්බාන සුත්‍රාන්ත දේශනා පෙළ චත්තාලිසකාර භාවනා පිලිබඳ දේශනා පෙළ This series of Dhamma Talks on the way to liberation given by Ven Ududumbara Kasyapa maha Thero on the Buddhist TV net work during the year 2017.
Chapters
Reviews
Sabba Danam Dhamma Danam Jinathi
Priyanka Amarasinghe
Thank you so much for uploading dhamma deshana in this site. Very useful. May you all be blessed by tripple jems.
ඉතිරි ධර්ම දේශනා
malak@slt.com.lk
ප්‍රත්‍යෙව්ක්ෂා දේශනා මාලාවේ ධර්ම දේශනාත් එක් කරන ලෙස ඔබ ගෙන් ඉල්ලා සිටිමි ඔබට බොහෝ පිං ලැබේවා!!!!
Please add
AmilaP
If possible please add the Bana Series of Galigamuwe Ghnanadeepa Thero Koralayagama Saranathissisa Thero Boho pin
බොහෝ පින් ලැබේවා
Cha_KalanaMithuru
මෙවැනි ධර්ම දානයන් ඉදිරියටත් කරන්න . හැකිනම් ඉතිරි ධර්ම දේශනාත් එක්කරන්න